මුල්වරට ජාතික හැඳුනුම්පත සෑදීමට
සම්පූර්ණ කරන ලද අයදුම්පත
උප්පැන්න සහතිකයේ මුල් පිටපත
මාර්ගගත ක්රමවේදය ඔස්සේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගන්නා ලද ඡායාරූප රිසිට් පත
මුල්වරට හැඳුනුම්පත සෑදීමට ගාස්තුව රු 320/=
වයස අවුරුදු 16 ඉක්මවූ අයෙක් නම් රු 2500/= ක දඩ මුදලක් ප්රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ලබාගන්නා ලද රිසිට් පත
හැඳුනුම්පත සංශෝධනය කිරීමට
සම්පූර්ණ කරන ලද අයදුම්පත
උප්පැන්න සහතිකයේ මුල් පිටපත
මාර්ගගත ක්රමවේදය ඔස්සේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගන්නා ලද ඡායාරූප රිසිට්පත
සංශෝධනය කල යුතු පැරණි හැඳුනුම්පත
සංශෝධිත හැඳුනුම්පත් ගාස්තුව රු 620/=
අස්ථානගත වූ හැඳුනුම්පත සාදාගැනීමට
සම්පූර්ණ කරන ලද අයදුම්පත
උප්පැන්න සහතිකයේ මුල් පිටපත
මාර්ග ගත ක්රමවේදය ඔස්සේ අනුමත ඡායාරූප ශාලාවකින් ලබාගන්නා ලද ඡායාරූප රිසිට්පත
මාස 06ක් ඇතුලත ලබාගන්නා පොලිස් පැමිණිලි පිටපත
හැඳුනුම්පත් අංකය භාවිතා කල බවට ලිඛිත සාක්ෂි ( රියදුරු බලපත්රය/ විදේශ ගමන් බලපත්රය/ බැංකු පොත)
අස්ථානගත හැඳුනුම්පත් ගාස්තුව රු 1120/=
ජාතික හැඳුනුම්පත ලබාගැනීමේදී එක්දින සේවා ගාස්තුව රු 2000/=
