නව ජල විදුලි සම්බන්ධතා ලබා ගැනීමට ගෘහ අංක නිර්දේශ කිරීමට

හිස් ඉඩමකට නව ජල සම්බන්ධතාවයක්  ලබාගැනීමට නම්

ඔප්පුවේ මුල් පිටපත සහ ඡායා පිටපත

අනුමත සැලැස්ම හා එහි ඡායා පිටපත

වරිපනම් ගෙවූ බිලක්

නිවස සෑදීමට පෙර මඩුවක් ඉදිකර තිබේනම් තාවකාලික ගෘහ අංකයක් ලබා දීම පහසුවක් වනු ඇත.

 

පදිංචි නිවසකට ජල විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

පදිංචි සහතිකය

ඔප්පුවේ මුල් පිටපත

වරිපනම් ගෙවු බිල

නිවසේ උඩුමහලට ජල විදුලිය ලබා ගැනීමට වෙනම ගෘහ අංකයක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම පහත මාලය සහ ඉහළ මාලය සම්බන්ධ වන ස්ථානය වෙන් කර වසා දැමිය යුතුය..

එසේම ඇනෙක්සියක් සඳහා වෙනම ගෘහ අංකයක් ලබාගැනීමට නම් නිවස සහ ඇනෙක්සිය වෙන්කර වසා සෑදිය යුතුය.

 

ජල විදුලි බිල්පත් වල නම සංශෝධනය කර ගැනීමට නම්

ඔප්පුවේ මුල් පිටපත සහ ඡායා පිටපත

වරිපනම් බිල

පදිංචි සහතිකය